සල් ගස් වගේ ම ඒවයෙ පිපෙන සල් මල් එහෙම ඔයාල දැකලා ඇතිනේ,මතක නැත්නම් ඔය යස අගේට බැබලි බැබලි උඩ තියෙන්නෙ බලාගන්නකෝ.
සල් ගහ කියන්නෙ මා පුදුමාකාර ගහක්.ගහ මුලක හිටන් අග වෙනකන් මල් පිපෙනවා.හැබැයි අතු අග මල් පිපෙන්නෙ කලාතුරකින්.සල් මලේ තියෙන්නෙ සිත මන්මත් කරවන පුසුඹක්,හැබැයි සල් ගහේනරක් වුන ගෙඩියක් පැලුනොත් පලාතක ඉන්න බරි වෙන ගානට ගන්දස්කාරෙ පැතිරෙනව.බුද්ඪාගම තුල සල් ගහ බෝ ගහ තරමට පූජනීය නොව්නට බුද්ඪ චරිතය තුල සල් ගහටත් වැදගත් තැනක් හිමිවෙනව.මතකද සිදුහත් කුමාරය ගෙ ඉපදීම වගේම බුදු හාමුදුරුවන්ගෙ පිරිනිවන් පෑමත් සිදු උනේ සල් ගස් වලින් පිරිච්ච මහා සල් උයන් දෙකක.පොඩ්ඩක් හිතන්න දඹදිව ඔන තරම් සුන්දර වන උයන් තියෙද්දි උන්වහන්සේ සල් උයනකම පිරිනිවන් ම0චකය පිහිටවාගන්න මොකක් හරි වැදගත් හේතුවක් ඇති නේද? ඉස්සර ඒ කියන්නෙ අපි පොඩි කාලෙ අපි සල් මලට මාර විදිහට ගරු කරා. මොකද දන්නවද?,ආ ඒක කියන්න කලින් ඔයල ගෙන් අහන්න දෙයක් තියෙනවා.මොකක්ද දන්නවද ඔයාල දැකල තියෙනවද සල්මලේ මැද රේණු තියෙන කොටස .ඒකෙ මැද කොටසට කියන්නෙ බුදු හාමුදුරුවො කියලා,වටේ තියෙන රේණු තමා උන්වහන්සෙගෙන් බණ අහගෙන ඉන්න ස්0ඝ රත්නය [එහෙම තමා අපි විශ්වාස කරේ].ඒ නිසා අපි සල් මලක් කුණු ගොඩට දාන කලින් දෙපාරක් හිතුවා. සල් ගහ ගන වැඩි විස්තර මේ ලින්ක් එකෙන්http://si.wikipedia.org/wiki/%E0%B7%83%E0%B6%BD%E0%B7%8A_(%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93_%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F).
මගේ පලවෙනි පොස්ට් එක ,[වරදට සමාව දෙන්න]
ReplyDelete